Colombo Today Local News

ගුරු ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් 2022 අප්‍රේල් මස අයදුම්පත් කැඳ වූ ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගුරු මාරු මණ්ඩල තීරණ 2023 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට පෙර ලබා දෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, එතෙක් ගුරු ස්ථාන මාරුවීම් සඳහා නව අයදුම්පත් භාර නොගන්නා බවයි.

මේ වන විට ප්‍රවාහන අපහසුතා මත අනුයුක්ත ලබාගෙන ඇති ගුරුවරුන්ගේ අනුයුක්ත 2022 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට යෝජනා වී තිබුණ ද අදාළ පාසලේ විදුහල්පතිගේ එකඟතාව ඇත්නම් පමණක් එම ගුරුවරුන්ට එම ලිපිවල සඳහන් දිනය දක්වා අනුයුක්ත පාසලේම සේවය කළ හැකියි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2022.12.31 දිනෙන් පසුව ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනුයුක්ත ලිපි නැවත නිකුත් නොකරන බව සියලුම විදුහල්පතිවරුන් වෙත දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා මගින් සනාථ වන සෞඛ්‍ය හේතු මත ගර්භණී ගුරුවරියන් වෙත ලබා දෙන අනුයුක්ත සහ පාසල්වල සේවා අවශ්‍යතා පාදක කර ගනිමින් ලබාදෙන අනුයුක්ත කිරීම් සඳහා ඉහත පරිදි කටයුතු කිරීම අදාළ නොවන බවත් එම අනුයුක්ත කිරීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ( ගුරු මාරු) විසින් ලබා දෙනු ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

අරගල කරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති. සන්නස්ගල එලිපිට බැණවදී. | රැට්ටෝ කුරුට්ටෝ බට්ටෝ අප්පොච්චිට චෝදනා.

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

නව ලෝක වාර්තාවක්

Admin