Colombo Today Local News

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

මෙරටට පැමිණි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් තිස්පන්දහසක ප්‍රමාණයක් ඊයේ (31)දින ගොඩබෑම ආරම්භ කර තිබුණි.

පසුගිය දින කිහිපයේදී ඉන්ධන බෙදාහැරීමේ අඩුවක් පැවැතියත් එය මහහරවා ගැනීම සඳහා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4000ක් ලෙස සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3000 බැගින් දෛනිකව බෙදාහැරීමට කටයුතු කළ බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය.

බස්රථ සහ පාසල් සේවා බස්රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයද ලබාදීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වනවිට කොළොන්නාව පිරිපහදුවට බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 1000ක් පමණ නිපද වේ. තව දින කිහිපයකින් පෙට්‍රල් නිපදවීම සිදුවන බවද එහි උසස් නිලධාරියෙක් පැවැසීය. රැගෙන එන ලද බොරතෙල් වලින් සියයට 53ක් පමණ දැවිතෙල් නිපදවෙන බවද ඔහු කීය.

Related posts

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

colombotoday

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

සම්මුතිය නිමයි..! ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

colombotoday