එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙනි.
ඒ අනුව අද(30)දිනයේ සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත.
ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මුක්තාචා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් පසු කුපිත වූ ජනතාව ඉරාක ජනාධිපති මන්දිරයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ ගැටුම්වලදී 12 දෙනෙකු මියගොස් ඇත.