Colombo Today Local News

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ගෙනවිත් තිබූ ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා ලදැයි කියන තඹ දඟර හයක් නාදුනන පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති පොලිසිය කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ (අංක 38) වකුගඩු ඒකකයේ අගුළුලා තිබූ ඔක්සිජන් කාමරයේ ඉබි යතුරු කඩා ඔක්සිජන් සිලින්ඩර්වලට යොදා ගන්නා තඹ දඟර (06) සොරා ගෙන ගොස් ඇත.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිලධාරියකු රෝහල් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

සොරාගන්නා ලද තඹ දඟර වල වටිනාකම දළ වශයෙන් රුපියල් ලක්ෂය ඉක්මවනු ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළිදරව් වී ඇත.

Related posts

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

මරණ දඩුවම ලබා සිටින රැදවියන්ගේ වර්ජනය අවසන්

colombotoday