World

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

වර්ෂ 2035 වන විට පොසිල ඉන්ධනයෙන් ධාවනය කරන සියලු මෝටර් රථ විකිණීමට තහනම් කිරීමටත් 2045 වන විට මෙම තහනම බස් රථ හා බර ට්‍රක් දක්වා විකාශය කිරීමටත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් තීන්දු කර තිබේ.

එළැඹෙන සැප්තැම්බරයේදී මීට අදාල නියෝගය නිකුත් කරන බව හෙතෙම විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

පොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන පරිසර දූෂණයට තිත තැබීමේ අරමුණ හා පොලිස ඉන්ධන වේගයෙන් ක්ෂය වීමෙන් අනාගතයේදී මූණ පෑමට සිදුවන බලශක්ති අර්බුධයට විසදුමක් සෙවීම මෙහි අරමුණයි.

මේ වන විට නෝර්වේ, නෙදර්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඩෙන්මාර්කය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයක් මේ පියවර ගෙන ඇත.

ලොව විශාලතම පස්වැනි ආර්ථිකයට හිමිකම් කියන කැලිෆෝනියාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පොසිල ඉන්ධන භාවිතා නොකරන මෝටර්රථ නිපදවීමේ කර්මාන්ත දිරිමත් කිරීම සඳහා බවද ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් පවසයි.

Related posts

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

Admin

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

ඉන්දියාවේ දෛනිකව ස්ත්‍රී දූෂණ සිදුවීම් 87 ක්

colombotoday

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin