Colombo Today Local News

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ලබන සඳුදා (29)දිනයේ සිට ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරන්නේ, පසුගිය දා යන්ත්‍රයේ කොටසක බටයක් පුපුරා යාමෙන් එය අලුත්වැඩියා කිරීමට සිදු වූ බවය.

මේ අතර නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ දෙවන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වනවිට අක්‍රිය කර තිබේ.

එම ජනන යන්ත්‍රය අක්‍රියවීමෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 270 කි.

මේ අතර ජල විදුලි උත්පාදනය මේ වනවිට 50% ක් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

Related posts

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

පෝය දවසට කැලණිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය නිවාඩු නෑ…?

colombotoday