Colombo Today Local News

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡවකට අනුව අද (25 වැනිදා) සිට බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව සුදු සහ දුඹුරු බිත්තර දෙවර්ගයම එම මිලට අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල කියා සිටින්නේ බිත්තර නිෂ්පාදකයන් සහ වෙළෙඳ ඇමැතිවරයා අතර ඊයේ (24දා) පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවත් පාලන මිලෙන් තොරව වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දිගටම ක්‍රියාත්මක කරන බවත්ය.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 49යි ශත 50ක මුදලක් වැයවන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීමට නොහැකි බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පසුගියදා සඳහන් කෙරිණි.

Related posts

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි

Admin

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

බිත්තරයක් 1000ට යනවා

Admin

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday