Colombo Today Local News

“ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ‍අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා”

දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසා ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

‍අරගලකරුවන් ලෙස හදුන්වා ගන්නා කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයුතු ජන රාශියක් සිදු කර තිබෙන බව කී අමාත්‍යවරයා නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර හා එම පදිංචිය තහවුරු කරගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පණතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවට

Admin

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday