Colombo Today Local News

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

දුම්රිය එන්ජින් 20ක් එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ, මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 ක් දක්වා අඩුවී තිබේ.

ඒ අනුව දුම්රිය බලවේග කට්ටල වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එන්ජින් ඔයිල් කඩිනමින් ආනයනය කිරීම සඳහා ලබන සිකුරාදා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කරයි.

Related posts

ශ්‍රී ලංකාව ලෝක සංතුෂ්ඨි දර්ශකයේ ස්ථාන දෙකක් ඉදරියට

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දුර්වල කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා-කාදිනල් තුමා

colombotoday

කෝටි 6ක හෙරොයින් සමඟ පකිස්ථානුවා දැලේ

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

colombotoday