World

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් වංචා සිදුවීමකට අදාළව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පින් ජැකලින් ෆර්නැන්ඩස් ද විත්තිකාරියක ලෙස නම් කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු මෙලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි නුවර අධිකරණයකට අද ඉදිරිපත් කල සංශෝධිත චෝදනා පත්‍රයට අනුව ජැකලින් මෙලෙස නම් කර ඇත.

සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් මුදල් විශුද්ධිකරණ ක්‍රම යටතේ උපයාගත් මුදලින් ජැකලින් ෆර්නැන්ඩස් වෙත අවස්ථා ගණනාවකදී විවිධ ත්‍යාග පිරිනමා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒවායෙහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 06 කට ආසන්න බව සඳහන් වේ.

Related posts

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දියාව යුධ අභ්‍යාස කරද්දී පාකිස්ථානය මිසයිල ටෙස්ට් කරයි

Admin

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday