Colombo Today Local News

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

හංවැල්ල තිත්තපත්තර ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදිකරු සහ යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරිමේදී එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට මාරු කර යවා තිබේ.

එහිදී එම පුද්ගලයාද ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

වයස අවුරුදු 27 සහ 28 වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර මොවුන් හංවැල්ල සහ වග ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දොම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday