නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
දෝෂය හඳුනාගැනීමට තාක්ෂණික කාර්යය මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටින බව මේ පිළිබඳ අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
දෙවන අදියරේ නියමිත නඩත්තු කටයුතු සිදුකරමින් පවතින අතර, තුන්වන අදියරේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියරේ බිඳවැටීම නැවත සකස් කරන තුරු යුගදනවි සහ අනෙකුත් ඉන්ධන බලාගාර විදුලි සැපයුම කළමනාකරණයට යොදා ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.