Colombo Today Local News

ජනපති මන්දිරයෙන් හමු වූ මුදල් ගැන වර්තව අධිකරණයට – කොටුව පොලිස් ස්ථානාධිපති දුරකතන ඇමතුමක් දුන් බව දේශබන්දු පිළිගනී

ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතියට අදාල වාර්තාවක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (12)දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවට තහවුරු වී ඇති බවයි.

අධිකරණ නියෝග මත සිදු කළ දුරකතන පරීක්ෂාවේ දී මෙම කරුණු අනාවරණය වූ බව ද ඒ මහතා අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණය දන්වනු ලැබුවේ ය.

එහිදී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට තමා දුරකතන ඇමතුමක් ලබා දුන් බවට දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිගත්ත ද මෙම මුදල් සම්බන්ධයෙන් තමා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසිදු උපදෙසක් ලබා නොදුන් බව ඔහු ප්‍රකාශ කර සිටි බවට ද සඳහන් කළේ ය.

Related posts

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

Admin

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday