Colombo Today Local News

“චීන අභ්‍යවකාශ පර්යේෂන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ” – හාබර් මාස්ටර්

‘YUAN WANG 5’ නමැති චීන අභ්‍යවකාශ පර්යේෂන නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බව හාබර් මාස්ටර් සඳහන් කරයි.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීන සමාගම මගින් සිදු කළ ද එම වරායේ නෞකා හැසිරීමේ පූර්ණ බලය හා අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව ත් අදාළ චීන නෞකාවට මෙරටට ඇතුළු වීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවසරය ලබා ගැනීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.

ඉකුත් ජූලි මස 13 වන දින චීනයෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාව මේ වන විට හම්බන්තොට වරායේ සිට කිලෝමීටර් 800ක් දුරින් පිහිටි ඉන්දියානු සාගරයේ Ninetyeast කඳු පන්තිය අසලින් ගමන් ගන්නා බව චන්ද්‍රිකා දත්ත හරහා හඳුනා ගෙන තිබේ.

Related posts

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක සැරයන් මේජර් සුව අතට…

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනාලා වටකරගෙන තග දමයි.. ජනපති සුදු කොඩි ඔසවයි (Video)

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin