Colombo Today Local News

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ඒ අනුව වඩාත් විනිවිධ භාවයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි.

මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නීති සම්පාදනය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

Related posts

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

භික්ෂූන් වහන්සේට ඇති ජනතා ගෞරවය නැති කරන ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්.. බෙල්ලන්විල හිමියෝ හෙළිකරති

colombotoday