Colombo Today Local News

බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සියලු ගොවීන්ගේ තොරතුරු ඇතුලත් තොරතුරු පද්ධතියක් සහිත “ඇප් එකක්”හඳුන්වා දීමට නියමිතය.

මෙම විද්‍යුත් ලියාපදිංචිය මගින් මෙරට බඩ ඉරිඟු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය ,ඔවුන් වගා කරන ඉඩම් ප්‍රමාණය, ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ,එම වගාබිම් පිහිටි නිවැරදි ස්ථානය ආදී තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවැරදි දත්ත ලබා ගැනීමත් සමග බඩ ඉරිඟු වගාව ක්‍රමවත්ව සිදු කරන්නට ගොවීන්ට අවශ්‍ය සහාය ලබා ලබාදීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යංශය පවසයි.

Related posts

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

වංචනික ක්‍රියා අපිට දන්වන්න – ඇමති රිෂාඩ් බදුර්දීන්

colombotoday

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

colombotoday

කොරෝනා බවට සැක චීන ජාතිකයන් 2ක් ඇතුළු හතරක් IDH රෝහලේ

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin