Colombo Today Local NewsHot News

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

sobitha himi 1551ff
අවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ දානමය පිංකම පසුගිය ඉරිදා කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී සිදුකරන්නට යෙදිණි. ඒ පිළිබදව දන්වා සංවිධායක කමිටුව මගින් යහපාලන රජයේ ඉහළ සිට පහල දක්වා මැති ඇමතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දන්වා තිබුණත් ඔවුන් එම අවස්ථාවට සහභාගී වීම මගහැර තිබේ.

ඔවුන් සියළුදෙනා අතරින් දානමය පුන්‍යකර්මය සදහා සහභාගී වී ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා පමණි. අපවත් වී වදාළ සෝභිත හිමියන් ‘සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය‘ ගොඩනගද්දී උන්වහන්සේගේ සමීපයෙන් කටයුතු කළේ කරු ජයසූරිය මහතා වන අතර උන් වහන්සේ ගිලන්ව සිටි අවදියේදී ද අවශ්‍ය සියළු කටයුතු සොයා බැලුවේද ජයසූරිය මහතා විසිනි.

සෝභිත හිමියන් අපවත්වීමෙන් අනතුරුව අවමගුල් උළෙලේදී දීර්ඝ කතා පවත්වමින් උන්වහන්සේගේ මෙහෙය අඛණ්ඩව කරගෙන යන බවට ප්‍රතිඥා දුන් එකදු නායකයෙකුවත් තෙමස් සමරු පිංකමට සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සැබෑ ස්වරූපය විදහාපාන්නකි. තමන්ව ඔසවා තැබීමට වේදිකාව සැකසූ පුද්ගලයා මාස 3 ක් ඉක්ම යත්ම අමතක කර දැමීමට තරම්  යහපාලන සගයන් ගුණමකුවන් වේ යැයි සෝභිත හිමියන් සිහිනෙන්වත් නොසිතන්නට ඇත.

Related posts

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday