Colombo Today Local News

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ රජයේ පාසලක සිසුවෙකු ඊයේ (අගෝ. 9) දහවල් කාලයේදී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

මෙම පාසල් සිසුවා පාසල් විවේක කාලය තුළ සිසුන් කිහිප දෙනෙකු සමග පාසලේ යකඩ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී එයින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය දරුවා වයස අවුරුදු 14ක් වූ පහළ ඉදිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මොරටුමුල්ල පොලිසිය සිදු කරයි.

Related posts

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday