Colombo Today Local News

පාසල් දරුවන්ටත් අර්ධකාලීන රැකියා කිරීමට අවස්ථාව

වයස අවුරුදු දහසයත්-විස්සත් අතර තරුණ තරුණියන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා කළ හැකි වන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය සූදානම් වෙයි.

කම්කරු ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ රැකියා කිරීමේ පරිසරයකට ළමයින් හුරු නොවීම නිසා කම්කරු ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇති බවයි.

මෙම වයස් සීමාවේ දරුවන්ට මසකට පැය විස්සක කාලයක් අර්ධ කාලීන රැකියා සිදු කළ හැකිය. එම සේවා කාලය සඳහා ගෙවීම් සිදු කිරීමට පෞද්ගලික සමාගම්වලට අවසර ලබා දීමටද නියමිතය. එම කාලයේ ස්ථිර රැකියා අවස්ථා ලබා නොදිය යුතු අතර විධිමත් පුහුණුවක් ලබා දීම ද අනිවාර්යය වෙයි. දැනට තරුණ ප්‍රජාව රැකියා සඳහා යොමු වීමේ වයස අවුරුදු දහසය වෙයි. නව නීති සංශෝධනයට අනුව රැකියා කිරීමේ අවස්ථාව පාසල් සිසුන්ටත් හිමි වෙයි.

එහෙත් අනතුරුදායක රැකියා අවස්ථා හැත්තෑ දෙකක් තිබෙන අතර ඒවායේ රැකියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ද අමාත්‍යාංශය පවසයි. තවද අර්ධ කාලීන රැකියා කිරීමේ දී ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීමේදී ප්‍රශ්නයක් මතු වන බැවින් ඒ සඳහා ද නීති සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ. ආයෝජන හිතකර ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමද මෙහි අරමුණයි.

Related posts

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

කුණු කතා අවසන්.. ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තය නිපදවීම ඇරඹෙයි.

colombotoday

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

colombotoday

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

මංකිපොක්ස් ගැන දැනුම්දීමක්

Admin

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday