Colombo Today Local News

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවා ඇති බවත් අද (5) සහ හෙට (6) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ඒ අනුව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අද පස්වරු 6.00 ට ධාවන කිරීමට නියමිතව තිබූ දුම්රිය සහ අද පස්වරු 8:30 ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත් වීමට නියමිත දුම්රිය ද අවලංගු කළ බවත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා හෙට (6) පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය තුන සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා හෙට පෙරවරුවේ ධාවනය කිරීමට නියමිත දුම්රිය තුන අවලංගු කළ බවත් සෙනෙවිරත්න මහතා පවසයි.

Related posts

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

යුද්ධ හමුදා නිළධාරින් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක්

colombotoday

“භික්ෂුව යනු කවුද” අර්ථ නිරූපණයක් සහිතව විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට

colombotoday