Colombo Today Local News

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

රාත්‍රී කාලයේ වෙළඳසල් බිඳ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර් සොරකම් කළ සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය සදහන් කරයි.

එම සැකකරුවන් හතර දෙනා ගණේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිවෙලින් 35, 34, 28, 32 වයසේ පසුවෙන්නන් බව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න, පොලිස් සැරයන් 27096 උපනන්ද,78997 පෙරේරා,79574 සඳුන්,33250 අසංක,16849 කුමාර,96802 ඉලුක්කුඹුර මහත්වරුන් වැටලීම සිදු කළ බව රාගම පොලිසිය පවසයි.

Related posts

විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ට නව සාමාජිකයෙක්

colombotoday

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

අකිල එල්ලාවලටත් කොවිඩ්

colombotoday

මෙවර අලුත්ම ඡන්ද 947,606ක්

colombotoday