Colombo Today Local News

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවේ ආරක්ෂාවට යොදවා තිබූ ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානයක් ඊයේ (03) දහවල් දියවන්නා ඔයට කඩා වැටී තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරන්නේ, කාර්මික දෝෂයක් හේතුවෙන් එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.

එම යානය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් අද යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට..! ‘ඇමතිතුමා මාව පන්නන්න හදනවා‘ – ඛණිජවැලි සභාපති

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

IMF එකට රටෙන් යන්න කාලය එළැඹීල – හිටපු මුදල් රවී රවී කරුණානායක කියයි

colombotoday