Colombo Today Local News

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කමිටු 11 ක් අහෝසි වී තිබේ.

ඊට රාජ්‍ය ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ද ඇතුළත් ය.

මීට අමතරව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව‍

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

ගෘහ්‍ය කාරක සභාව

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව‍

අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව හා

පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ කාරක සභාව යන කාරක සභා ද අහෝසි වනු ඇති.

නව සැසිවාරයට අදාළව ඒ ඒ කාරක සභා සඳහා සාමාජිකයින් හා සභාපතිවරුන් පත් කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කළේ ය.

ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුව ලබන 03 වැනිදා නැවත රැස්විය යුතු වේ.

එය 9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරයයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව නව සැසිවාරය ආරම්භ කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

ආණ්ඩුක්‍රව ව්‍යාවස්ථාවේ 33/2 වගන්තිය අනුව එදින ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමටත් එම රැස්වීමේ මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිවේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කළ ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව‍
ආංශික අධීක්ෂණ කාරක සභාව‍ හා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තවදුටත් ක්‍රියාත්මකයි.

මීට අමතරව මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රශ්න හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් ද නව සැසිවාරයට අනුව යළි ඉදිරිපත් කළ යුතු වේ.

Related posts

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

“හිටපු කොටි සාමාජිකයන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නවානම් අපි නිකන් ඉන්නේ නෑ” TNA

colombotoday

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමයි

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday