Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට

අයිඩියල් මෝටර්ස් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද(28)දින සිදුකෙරුණි.

මෙම මෝටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ.

ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත.

උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇති බව සඳහන් වෙයි.

Ideal Moksha රථය ශ්‍රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද මෝටර් රථය කැපී පෙනෙයි.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩ්‍රිසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 kWh ලිතියම් බැටරියකින් සමන්විත වේ.

ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාව ද ඇත. කිලෝග්‍රෑම් 870ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය.

වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය.

වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බව විශේලේෂකයින් පවසයි.

Related posts

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

Admin

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට දීමට රජය එකග වෙයි.. මිලියන 1000ක අලාභයක් !

colombotoday

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday