Colombo Today Local News

රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු කොවිඩ් නිසා වැසෙයි

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරෙයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එම දුම්රිය ස්ථානයේ සේවය කරන තව ත් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ, එම දුම්රිය ස්ථානයේ දුම්රිය මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පිරිදි සිදු කෙරෙන අතර ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බව ය.

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් දුම්රිය ගමන් පහසුකම් සලසා ගන්නා ලෙස එම සංගමය මහා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Related posts

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

colombotoday

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin