World

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ්හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන්, අගමැති ධූරය සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුවට කඩා වැද ඇති බව ය.

සාදර්ගේ දේශපාලන සන්ධානය පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත්, ඡන්දයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් එය බලාත්මක නොවූ බව එම වාර්තාවල දැක්වේ.

පාර්ලිමේන්තුවට ඇතුළු වීම වැළැක්වීම සඳහා පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වී තිබේ.

පාර්ලිමේන්තුවට ඇතුළු වූ විරෝධතාකරුවන් ගී ගයමින් සහ නටමින් සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාකයේ වත්මන් අගමැති මුස්තාෆා අල්-කදිමි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස ය.

ඔක්තෝබර් මාසයේ මැතිවරණය පවත්වා මේ වන විට මාස 9ක් ගත වී තිබුණ ද තවත් ඉරාකය නව රජය පිහිටුවීමට අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාකයේ අමෙරිකානු මැදිහත්වීමට විරුද්ධ වූ ෂියා පූජකයෙකු වන සාදර්, මැතිවරණයෙන් පසු ඔහුගේ ජාතිකවාදී සේරවුන් ව්‍යාපාරයේ ජයග්‍රහණය ප්‍රකාශ කර තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එසේ වුව ද සාදර් සිය ප්‍රතිවාදීන් සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එතැන් සිට නව පාලන සභාගයක් ගොඩනැගීමට නොහැකි වූ බව ය.

Related posts

ඔලිම්පික් බොක්සිං ක්‍රීඩක හොලික්ස් වර්ජෝ ගැබිණි පෙම්වතිය මරා දමයි

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

නවසීලන්තයේ 41වන අගමැති දිවුරුම් දෙයි

Admin

ඊශ්‍රායලය බේරාගත් “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකාවේ සහය. | ජෝ බයිඩන් පොරොන්දු වෙයි.

colombotoday

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin