Colombo Today Local News

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට පාර්ලිමේන්තුව අද (20) පෙරවරු 10.00 ට රැස් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඉකුත් 14 වැනි දා සිට පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයා ලෙස තෝරා පත් කර ගැනීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් ඊයේ (19)දින පාර්ලිමේන්තුවේදී යෝජනා ස්ථිර විය.

මේ සඳහා අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 1981 ජනාධිපතිවරණ විශේෂ විධි විධාන පනත අනුවයි.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

මීට පෙර 1993 වසරේදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් ජනාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදී එහි වැඩ ආවරණය කිරීම පැවරුණු අග්‍රාමාත්‍ය ඩී. බි. විජේතුංග මහතා පසුව එම ධුරයේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූයේ එවක පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙනි.

අද පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන්නේ රහස් ඡන්දයකි.

එහිදී අපේක්ෂකයින් තුන් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් පළමු දෙවැනි හා තෙවැනි මනාප ද සලකුණු කිරීමට මන්ත්‍රීවරුන්ට අවකාශ හිමිවේ.

අද පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නා තැනැත්තා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරීපත්වනු ඇති.

මේ අතර අනුප්‍රාත්තික ජනාධිපති අපේක්ෂක සටනට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට හා ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීම මුල් කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක බෙදීම් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරණ සටන වඩාත් උණුසුම්වනු ඇති.

ඉදිරි වසර දෙකහමාරකටත් අධික කාලයක් සඳහා ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට වරම් හිමි කර ගන්නා අනුප්‍රාප්තිකයාට ද මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගන්නා ජනාධිපතිවරයාට සමාන සියලු බලතල හා වරප්‍රසාද හිමි වනු ඇති.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ද සිය කැමැත්තෙන් ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඉවත් කළ හැක්කේ දීර්ඝ ක්‍රියාවලියක් වන දෝෂාභියෝගයකින් පමණි.

Related posts

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

colombotoday

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ස්තූතියි- ගෝඨා

colombotoday

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday