Colombo Today Local News

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

පවතින ආර්ථික අර්බුදය හමුවේ විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළ කෙරෙන ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු ක්‍රියාවක් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත පදනම්ව තීරණ ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලීන අවශ්‍යතාවක් බව ද එම සංගමය පවසයි.

රට තුළ පවතින වත්මන් අර්බුදය ඉක්මනින් විසඳා ගැනීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අපේක්ෂාව බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙරට සමස්ත මැතිවරණ කොට්ඨාස නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ලැබී ඇති බව ද ජනතා පරමාධිපත්‍යයට හා ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ද ආරක්ෂා කරමින් මන්ත්‍රීවරුන් මෙම භාරදූර කර්තව්‍යය ඉටු කළ යුතුව ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

රට ව්‍යාකූලත්වයට පත්වීම වැළැක්වීමට හා සමාජ දේශපාලන, ආර්ථික, ස්ථාවර තත්ත්වයට පත් කිරීමට මන්ත්‍රීවරුන් සෑම ආකාරයෙන් ම කටයුතු කළ යුතුව ඇති බව ද එම සංගමය සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබුණු රජයේ පරිශ්‍රයන් නැවත භාර දීම තම සංගමය අගය කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දුව ඉවතදමයි

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

කොළඹ වාහන නැවැත්වීමේදී අය කරන ගාස්තු යලි හෙට සිට අය කෙරේ

colombotoday