Colombo Today Local News

ගෝඨාභය සිංගප්පූරුවට රැගෙන ගිය ගුවන් යානය ලෝක වාර්තාවක් තියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට රැගෙන ගිය සෞදි එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානය (SV 788) ලොව වැඩි ම පිරිසක් නිරීක්ෂණය කළ ගුවන් යානය බව Bloomberg වාර්තා කරයි.

එමෙන් ම, එය ගොඩබස් වන අවස්ථා වන වන විට ලොව වැඩි ම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන් යානය ලෙස පළමු තැනට ද පත්වූ අතර වාර්තා වලට අනුව, 12,000කට වැඩි පිරිසක් flightradar24.com හරහා එය නිරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය යුරෝපයේ පියාසර කරන ප්‍රංශ ගුවන් හමුදා යානයක් නිරීක්ෂණය කරන පුද්ගලයින් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වඩා වැඩි බව ඔවුන් වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අද (ජූලි 15) පස්වරුවේ සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය තහවුරු කළේ ය.

පසුව ඔහු සිංගප්පූරුවට පැමිණි බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ද තහවුරු කළේ ය.

ඔහු සිංගප්පූරුව හරහා සෞදි අරාබියේ ජෙඩා වෙත ගෙන යාමට නියමිත බව The Washington Post වාර්තා කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජූලි 13) අලුයම මාලදිවයින් වෙත පළා ගොස් තිබිණි.

ඒ අනුව, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලැබී ඇති බව මීට පෙර වාර්තා විය.

Related posts

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

අපරික්ෂාකාරී ධාවනයෙන් බස් රථයක් මගීන් එක්කම කරනම්ගසයි

colombotoday

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday