Colombo Today Local News

ජනපති මන්දිරයෙන් හමුවූ ලක්‍ෂ 178ටක මුදල අරගලකරුවන් පොලීසියට භාර දෙයි

කොටුව ජනාධිපති මන්දිරයට 9 වන දා ඇතුළු වූ අරගලකරුවන්ට රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් හමු වී පොලිසියට භාර දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ කාමරයක රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත වන සේ මිටි වශයෙන් මෙම මුදල තිබී ඇත.

අරගලකරුවන් විසින් ගණන් කර ජනාධිපති මන්දිරය භාර පොලිස් අධිකාරිවරයෙකුට භාර දුන් මෙම මුදල පසුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ අතර, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා භාරයේ ඇති මෙම මුදල දේශපාලනඥයෙකුට ලබා දෙන්නැයි පොලිසියේ උසස් ම නිලධාරියෙකු දැනුම් දුන් බවට පොලිසියේ අභ්‍යන්තරයේ සාකච්ඡා වන බව ය.

මීට පෙර මැයි 9 වන දා ගාලු මුව‍ෙදාර ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමෙන් පසු රට පුරා දේශපාලනඥයන්ගේ නිවාසවලින් අරගලකරුවන් බඩු සොරාගත් බවට ත්, දිගින් දිගට ම අරගලයට එරෙහිවත් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය නිවේදන නිකුත් කළ තත්ත්වයක මෙම මුදල් භාර දීම සම්බන්ධව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර නොමැති බව ද එම සංගමය පෙන්වා දී තිබිණි.

අරගලකරුවන් විසින් සොයා ගන්නා ලද මුදල් පොලිසියට භාර දීම ගැන නිවේදනයක් නිකුත් කොට ඔවුන්ට හිමි ගෞරවය ලබා දෙන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් ඉල්ලා තිබිණි.

අනතුරුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ජනාධිපති මන්දිරය තුළ තිබී හමුවූ රුපියල් 17,850,000ක මුදල සම්බන්ධයෙන් අද (ජූලි 11) අධිකරණය දැනුවක් කිරීමට නියමිත බව ය.

Related posts

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්.

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

එක්නැළිගොඩ බිරිය ඇතුළු පස්දෙනෙක් ජිනීවා යයි… කොටි ඩයස්පොරාවේ 40කුත් ජිනීවා සැසියට…

colombotoday

චන්ද්‍රිකා සහ පක්ෂ 32ක් සජිත් සමග සන්ධානගත වෙයි !

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday