ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඊයෙ(8)දින ආරම්භ කළ වැඩ වර්ජනය අද පෙරවරුවේ අවසන් කළ බව සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතා පවසයි.
සේවකයනට රාජකාරියට පැමිණිම සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබිම නිසා මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කළ බව ද සේපාල ලියනගේ මහතා කියයි.