Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වෙයි.. විපක්ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන !

ලබන 09 වන දා සිටි පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන මන්ත්‍රීවරු ලෙස තම කණ්ඩායම පිළිගන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව කටයුතු කරන “ඒකාබද්ධ විපක්ෂ” මන්ත්‍රී කණ්ඩායම කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

තම කණ්ඩායම මෙතෙක් විපක්ෂයේ භූමිකාව කරගෙන ගියත් විපක්ෂයේ බහුතරයක් නියෝජනය කරන තම කණ්ඩායමට පාර්ලිමේන්තුව කමිටු සදහා නිසි නියෝජනයක් නොලැබීම, කතා කිරීමට අවස්ථාවක් නොලැබීම, ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබිය යුතු වරපසාද තම කණ්ඩායමට අහිමිවී ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පැවසීය.

මෙම මන්ත‍්‍රීවරු කණ්ඩායම පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ නව පක්ෂයක් ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡුාවලට සහභාගි වූ අවස්ථාවේ දී, ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ නව පක්ෂයක් ආරම්භ කරනවට වඩා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවය.

පාර්ලිමේන්තුවෙ ස්වාධීන කණ්ඩයමක් ලෙස කටයුතු කළ හැකි නම් විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ හැකියාව ද පවතින බව මෙහි දී සාකච්ඡුාවට ගෙන ඇත.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායකයා ලෙස පත් කර ගැනීමට ද එකඟත්වයකට පැමිණ තිබේ.

කෙසේවුවද, දෙවන අදියරේ දී ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු විසින් පිහිටුවනු ලබන පක්ෂය සමඟ ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා තිස්ස අත්තනායක, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන අය සමඟ වන පුළුල් පෙරමුණක් ගොඩනැගීම සිදු කිරීමට ද මෙහි දී සාකච්ඡුා කර තිබේ.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ශ‍්‍රීලනිපයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතාව නම් කොට ඇත.

අනෙකුත් පක්ෂවල සම්බන්ධීකරණය දිනේෂ් ගුණවර්ධන මහතාට පවරා ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday

උදිත් ලොකුබණ්ඩාර මහින්දගේ පුද්ගලික ලේකම්කමෙන් ඉල්ලා අස්වෙයි..

colombotoday

“අන්තර්ජාලයේ ‘බයි-ටොයි‘ සටනත් ‘දුටුගැමුණු-එළාර‘ සටන වගේ“ – බුද්ධික පතිරණ

colombotoday