Colombo Today Local News

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබේ.

අද (07) දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබු විරෝධතාවයක් පිළිබඳව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා එම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සුරකිම ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ කැදවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ සභාපති පුජ්‍ය උලපනනේ සුංගල හිමි, භූමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ පූජ්‍ය කළුබෝවිල පදුම හිමි සහ අදාළ විරෝධතාවයට සහභාගී වන තවත් පිරිසක් සඳහා එම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයින්ට පිටකොටුව පොලිස් වසමේ ඕල්කට් මාවත ඇතුළුවීම ඕල්කට් මාවත බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට හෝ පිටකොටුව පොලිස් වසමේ වෙනත් රැඳීසිටිමින් එහි ගමන් ගන්නා මහජනතාට, වාහනවලට සහ මාර්ගය දෙපස පදික වේදිකාවලට අවහිර කරමින් ගමන් කිරීමට කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පොදුවේ මහජනතාව වෙත එම ආඥාව යොමුකිරීමට අවසර ලබා දී ඇති අතර මෙම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බව පොලිස් මූලස්ථානය පෙන්වාදෙයි.

Related posts

සත්‍යප්‍රිය ලියනගේ ත් සමගි ජන බලවේගයට සහය පලකරයි

Admin

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

අරක්කු මිල ඉහළට?

colombotoday

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

colombotoday