Colombo Today Local News

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් පුද්ගලික අංශයේ සහය ද ලබා ගෙන මෙරටට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (ජූලි 5)දින එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

ඉදිකිරීම් කර්මාන්තය හා අනෙකුත් කර්මාන්තවලට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය හිඟතාවක් වෙළෙඳපොළේ පවතින බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

දීර්ඝ කාලයක පටන් පුපුරන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ ඒකාධිකාරය පැවතියේ රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට බව ද ඔහු පැවසීය.

පවතින ඩොලර් අර්බුදය හා ඇතැම් රටවල් පුපුරන ද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට ගෙන ඇති තීරණයත් සමග පසුගිය කාලයේ පුපුරන ද්‍රව්‍ය හිඟයක් ඇති වූයේ යැයි ඔහු සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ වසරක කාලයකට පුද්ගලික අංශයේ සහය ද ලබා ගෙන අවශ්‍ය කරන පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමට මෙන් ම පුපුරන ද්‍රව්‍ය හිඟතාව මග හරවා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට අනුමැතිය හිමි වූ බව ද ඔහු සඳහන් කළේ ය.

සිමෙන්ති, වෝටර් ජෙල්, ඉමල්ෂන්, නිෂ්පාදන කර්මාන්ත හා කළු ගල් පුපුරුවා හැරීම සඳහා යොදා ගැනෙන ඇමෝනියම් නයිට්‍රෙට් පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේ, ගබඩා කිරීමේ හා බෙදා හැරීමේ ඒකාධිකාරිය සීමාසහිත රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත පැවරී තිබුණ ද රට තුළ දැනට පවතින විදේශීය විනිමය හිඟය හා එම ද්‍රව්‍ය වාණිජය සංස්ථාවට දීර්ඝ කාලීනව සැපයු සැපයුම්කරුට ඒවා සැපයීමට නොහැකි වී ඇතැයි පැවසේ.

ඒ හේතුවෙන් එම පුපුරන ද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්තවල කටයුතුවලට දැඩි බලපෑමක් ඇති වී තිබේ.

එයට පිළියමක් ලෙස මෙසේ කෙටි කාලීනව ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් කඩිනමින් ඇමෝනියම් නයිට්‍රේට් පුපුරන ද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමතිය හිමිව ඇත.

Related posts

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

“කොවිඩ්-19” හේතුවෙන් ලොවපුරා මියගිය ගණන ලක්ෂ දෙක ආසන්නයේ

colombotoday

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

මහජන සාමය පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභයගේ නියමයෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday