Colombo Today Local News

ආර්ථික අපහසුතා දරා ගත නොහැකිව එක් දරු පියා කෝච්චියට බෙල්ල තියලා

පවතින ආර්ථික අපහසුතා හමුවේ රැකියාවක් නොමැතිව අසරණ වූ 25 හැවිරිදි එක් දරු පියෙකු මැදවච්චියේ දී රේල් බස් රථයට බෙල්ල තියා සිය දවි නසාගෙන සිටියදී මැදවච්ය පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ යකාවැව , මැදවච්චිය ලිපිනයේ පදිංචි සුජිත් දිල්ශාන් ජයසේන නැමැති 25 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම පුද්ගලයා කිසිදු අඩ දඹරයකින් තොරව නිවසේ සිට පසුගිය 01 වෙනි දා උදෑසන 07.00 ට පමන පැමිණ මන්නාරම් පාර, යකාවැව දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 200 ක් පමන දුරට ගොස් දුම්රියක් එන තුරු බලා සිට ඇත. ඒ මොහොතේ තලෙයිමන්නාරම් සිට අනුරාධපුර බලා ධාවනය කරමින් තිබූ රේල් බස් රථයට පැමිණ ඇති අතර එහි රියදුරු නොසීතු විටක එක් වරම මෙම පුද්ගලයා රේල් පාරට දිවවිත් රේල් පීල්ලට අත තබා ඒ මත හිස තබා ඇත.

එහිදී රේල් බස් රථය නවතා ගැනීමට නැහැකි වූ බව එම රේල් බස් රථයේ දුම්රිය රියදුරා පැවැසීය.


මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රසිරි, පො.සැ 3712 පියනන්ද, 32875 පුෂ්පකුමාර , පො.කො 67630 ජයතුංග යන පිරිස සිදු කරනු ලබයි.

මැදවච්චිය-ගයාන්

Related posts

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවත හුදකලා කරයි

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday