Colombo Today Local News

සජබ අද ජනාධිපති මන්දිරය වැටලීමට සැරසෙයි. කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා අද (30)දින සවස ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් වේ.

“ගෝඨා – රනිල් සාපය අවසන්කරමු“ යන තේමාව යටතේ අද පස්වරු 04.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

පවතින පීඩාකාරී පාලනයට එරෙහිව කොළඹ ඇතුළු බස්නාහිර පළාත් ජනතාවට කොටුව දුම්රියපල ඉදිරියට එක් රැස්වන ලෙස සමගි ජන බලවේගය ඊයේ (29)දින රටටම විවෘත ආරාධනාවක් කළේය.

කොටුව දුම්රියපල ඉදිරිපිට රැස්වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පැවැත්වෙන ජන රැළියකින් පසු පිරිස ජනාධිපති මන්දිරය ඉදිරිපිට පා ගමනින් යෑමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇති බව ද වාර්තා වේ.

Related posts

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

colombotoday

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday