Colombo Today Local News

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ‍භෞතික අධ්‍යයන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

අද (29)දිනයේ සිට නැවත දැනුම්දෙන තෙක් එම අධ්‍යයන කටයුතු නවතා දමන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර ප්‍රකාශ කර තිබේ.

උපකුලපතිවරයා පැවසුවේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

“පවතින මේ අර්බුදය නිසා, විශේෂයෙන්ම මේ පෙට්‍රල් අර්බුදය සැලකිල්ලට ගෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල භෟතිකව විශ්වවිද්‍යාල භූමිය තුළ කෙරෙන අධ්‍යන කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කළා. නමුත් දැනට කෙරෙන විදිහට දිගටම මාර්ග ගත අධ්‍යන කටයුතු ඒ විදිහට කරගෙන යනවා. ඉන්ධන අර්බුදය තමයි මෙතන දී ප්‍රධාන කොට සලකන්නේ. ඉන්ධන අර්බුදය සමතයකට පත්වුණ හැටියෙම හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල භූමියට ළමුන් කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් අවසන් වසරේ සිසුන්ගේ පර්යේෂණ කටයුතු දිගටම පවත්වාගෙන යනවා.”

Related posts

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

Admin

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday