Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම

ජූලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති සමාජ ආරක්ෂණ බද්දෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කරන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. අගමැතිවරයා වෙත ඊයේ (27) දින ලිපියක් යොමු කරන එම සංගමය ප්‍රකාශ කරන්නේ ඉතා කුඩාම ව්‍යාපාර වෙළෙඳසල්ද මෙම බදු ක්‍රමයට යටත්වන බවයි.

යෝජනා වී ඇති බදු අනුපාත අනුව භාණ්ඩ ආනයනයේදී මුළු වටිනාකමෙන් 2.5% ක්ද, නිෂ්පාදනයේ දී මුළු වටිනාකමෙන් 85% න් 2.5% ක්ද, තොග වෙළෙඳාමේදී මුළු වටිනාකමෙන් 50% න් 2.5% ක්ද, සිල්ලර වෙළෙඳාමේදී මුළු වටිනාකමෙන් 25% න් 2.5% ක්ද අය කරන බව සංගමය ප්‍රකාශ කරයි.

මෙම බදු අය කිරීම මත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවත් ඉහළ අගයක් ගන්නා අතර පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 22.50 බදු මුදලක්ද, සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 11.50 ක බදු මුදලක්ද, වියළි මිරිස් සඳහා රුපියල් 77.50 ක බදු මුදලක්ද අය වන බව සංගමය පෙන්වා දී තිබේ.

Related posts

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

පාස්කු නිර්දේශ: සහරාන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වෙලා නෑ. එනිසා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන්න. නොකලොත් දඩ ගහන්න.

colombotoday