Colombo Today Local News

කෝටියක රත්‍රන් පපුවේ අලවගෙන ආ කතක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටියකට වැඩි වටිනා රත්‍රන් තොගයක් ළැම ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉකුත් 25 වන දා ඩුබායි සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇය ගැන සැක කළ රේගු නිලධාරීන් ඇය පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රන් තොගය ප්ලාස්ටර් යොදා ළැම ප්‍රදේශයේ අලවා සඟවාගෙන තිබියදී සොයාගෙන ඇත.

මෙලෙස සඟවාගෙන පැමිණි රත්‍රන් තොගයේ ග්‍රෑම් 610ක් බරැති මාල, වළලු හා මුදු තිබූ බව රේගුව කියයි.

සැකකාරිය කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කතකි. ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා රේගුව වෙත භාර දී තිබිණි.

වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධිකාරිවරුන් වන ඩබ්. ප්‍රේමජයන්ත, එස්.එච්.ජේ.ඒ. කුමාරසිරි, සහකාර රේගු අධිකාරීවරුන් වන නදීර සේනාරත්න සහ දිලුමි පෙරේරා මහත්ම මහත්මිහු විසින් සිදුකරනු ලබති.

Related posts

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

colombotoday

ධානිෂ් අලි රිමාන්ඩ්

colombotoday