Colombo Today Local News

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් භාරගෙන තිබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ රට තුළ පවතින ඖෂධ හිඟයට මුහුණ දීම සහ රෝහල්වල දැනට අත්‍යාවශ්‍ය ඖෂධවලින් යැපෙන රෝගීන්ට කාලීන සහන සැලසීමයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද හදිසි වෛද්‍ය සැපයුම් ගුවන්ගත කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වලින් තොරව මෙම වෛද්‍ය සැපයුම් ගුවන් ගත කෙරෙන අතර පසුව එම භාණ්ඩ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි වෛද්‍ය ආයතන වෙත බෙදා හරිනු ලබයි.

ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන අනුමැතියන් ලබා ගනිමින් මෙන්ම මෙම භාණ්ඩ තොගය සංවිධානය කිරීම සහ බෙදාහැරීමට සහය ලබාදෙනු ඇති.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට රටේ ඉතිහාසයේ උග්‍රතම ඖෂධ හිඟයට මුහුණ දෙමින් සිටින අතර, එහි සේවාවන් මත යැපෙන අයගේ ජීවිත පවා අනතුරට ලක්වීමේ අවධානමක් පවතිනවා.

මෙම තත්ත්වයන් හමුවේ, ශ්‍රීලංකන් කෙයාර්ස් රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ රැගෙන ඒම සඳහා මෙම පියවර ගෙන ඇති අතර එය සැබවින්ම කාලෝචිත මැදිහත්වීමක්.

Related posts

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

මැයි 01 වෙනිදා සිට තෙල් මිල ඉහලට

colombotoday

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

2017 වසරේ ඩෙංගු රෝගීන් 184000 ක්‌ මරණ 430 ක්‌

colombotoday