Colombo Today Local News

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීම සඳහා ඉන්දීය රජයේ උපරිම සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි.

අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ ඉන්දීය විදේශ ලේකම්වරයා ඒ බව සඳහන් කර තිබේ.

අදාළ දූත පිරිස මෙරටට පැමිණ සිටින්නේ, තවදුරටත් මූල්‍යාධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහායි.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ සමාලෝචනයක් ද සිදු කර ඇති දූත පිරිස මෙහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දීමට ඉන්දීය රජයත්, දේශපාලන අධිකාරියත් කැප වී සිටින බවයි.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය වෙමින් ඉන්දීය රජය ඉටු කරන සුවිශේෂි කාර්යභාරය වෙනුවෙන් ඉන්දීය රජයටත්, ජනතාවටත් ජනාධිපතිවරයා මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තුතිය පිරිනමා තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙ‍ළේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක්වූ බවයි.

එහිදී ඉන්දීය දූත පිරිස විශ්වාසය පළ කර අත්තේ, දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත් වනු ඇති බවටයි.

ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ්, ඉන්දීය සාගරික කලාප ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් ව සිට ඇත.

Related posts

බිත්තරයක් 65 සීමාවට?

Admin

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

ජනමාධ්‍ය ලේකම්ගේ නියෝගය බල්ලට – අගමැති නියෝගයෙන් ITN රටටම බ්ලූ පෙන්නයි !

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

පුද්ගලයෙකු ගැබිණි බිරිඳ ඝාතනය කර පොලිසියට භාර වේ

Admin

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday