Colombo Today Local News

කොල්ලකරුවන්ගේ රජ දහනක් විල්ගොඩ පිරවුම්හල

කුරුණෑගල ගිණුම් අංක 106605 දරන විල්ගොඩ ඉන්දන පිරවුම්හල අවට මැරයන්ගේ රජදහනක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දන බවුසරයක් පැමිණි සැනෙන් එතනට පැමිණෙන මේ පිරිස පෝලිමේ සිටින පිරිස්වලට තර්ජනය කොට බියවද්දා බලහත්කාරයේ ඉන්දන ලබාගැනීමට කටයුතු කරන අතර එයට කිසිවෙක් විරෝධය දැක්වුවහොත් පහර කෑමට පවා ලක්වේ.මෙහි විශේෂත්වය නම් මෙහි රදවා සිටින යුධ හමුදාවේ සහ පොලිසියේ පිරිස්ද මීට කිසිදු විරෝධයක් නොදැක්වීමයි.

බලන ඕනෑම අයෙකුට පෙනී යන්නේ මේ සදහා එහි රදවා තිබෙන ආරක්ෂක අංශවලත් නොමද සහය මේ මැර පිරිසට ලැබෙන බවයි.අවශ්‍ය බලධාරීනට 2022.06.16 දින උදේ 8.30 -12.00 දක්වාත් හවස 2.30 – 5.00 අතර කාලය තුල මෙම පිරවුම්හලේ ආරක්‍ෂිත කැමරා පරික්ෂා කොට නැරඹිය හැකිය.මේ කාර්ය සදහා ඉන්දන පිරවුම් හලේ කාර්ය මණ්ඩලයේ සහයද හිමිවන අතර විශාල ගැලුම් සහ ඔවුන්ගේ ත්‍රිරෝද රථ සදහා කිහිප අවස්තාව බැගින් තෙල් ලබා දේ ඉන්දන පෝලිමේ සිටින පිරිස් සදහා තෙල් ලැබෙන්නේ පෙර කි මැරයන් තෙල් නොගන්නා අවස්තාවලදී පමණි.

මේ පිලිබදව බලශක්ති අමාත්‍ය තුමාගේ අවධානය වහාම යොමුවිය යුතුය.මේ මැරයන් ලබාගන්නා තෙල් ඒ ස්ථානයේ අවට ගෙවල්වල වැඩිමිලට විකිනීමට තිබෙන අතර කිසිවෙකුගේ සෝදිසියට ඒවා ලක් නොවේ.

මෙවැනි කටයුතු රටේ බුද්ධි අංශවල හෝ අවධානයට ලක් නොවීම විශ්මයට හේතුවකි. මෙවැනි දේ සිදුවන්නේ නම් කවුරු මේ රට බාරගත්තද කවුරු අමාත්‍යධුරය දැරුවද පලක් නැත

Related posts

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday

රංජන්ගේ හඩපට සැසදෙන බව රස පරීක්ෂක අධිකරණයට දන්වයි

colombotoday

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday