Colombo Today Local News

ඩොලර් ගෙවාගන්න බැරිව තෙල් නැව් 4ක් වරායේ

මෙරටට ආනයනය කර ඇති ඉන්ධන නෞකා හතරක් ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට දින කිහිපයක සිට කොළඹ පිටත වරායේ නැංගුරම්ලා ඇති බව වාර්තාවේ.

ඩීසල්, පෙට්‍රල් බහාලු නෞකා දෙකක් සහ බොරතෙල් නෞකා දෙකක් මෙලෙස නැංගුරම්ලා ඇති බව ත් මෙම නෞකාවන් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නෞකාවන් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වන බව ත් පැවසේ.

මෙලෙස නැංගුරම්ලා ඇති නෞකා දෙකෙහි ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000කට අධික තොගයක් ඇති බව ත් බලශක්ති අමාත්‍යංශය මෙම නෞකාවන් දෙක හෝ කඩිනමින් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙතෙක් ඒ සඳහා මුදල් වෙන් නොකිරීමෙන් ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙකද දින හතරකට අධික කාලයක සිට කොළඹ පිටත වරායේ මෙලෙස නැංගුරම්ලා ඇති බව ද පැවසේ.

මෙම ඩීසල් හා පෙට්‍රල් නෞකා දෙක ඉකුත් 10 වන දාට පෙර හෝ ලබා ගත්තේ නම්, මේ වනවිට ඇති උග්‍ර ඉන්ධන හිඟයට යම්තාක් හෝ සහනයක් ලැබෙනු ඇති බව ද ආරංචි මාර්ග වැඩිදුරට ත් පවසයි.

Related posts

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

අඟුලානේ නොසන්සුන්කාරි ලෙස හැසුරුණු 14ක් අත්අඩංගුවේ

colombotoday