Colombo Today Local News

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව. වගා කරන්නත් රජයේ සහය

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රටේ පවතින ඉන්ධන අර්බුදකාරී තත්ත්වය මත මෙය සිදු කරන බවත් ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ‘ ඉන්ධන මිල වැඩිවීම නිසා දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දරන්න වෙනවා වැඩට පැමිණීමට හා ආපසු යෑමට. රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් එයට කෙළින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන ලබාදෙනවා.’ යනුවෙනුයි.

Related posts

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

හමුදාව යොදවා උතුරේ කාණු සුද්ද කරන්න විග්නේශ්වරන් යෝජනා කරයි

colombotoday

අගමැති පුටුවෙන් ජනපති පුටුවට. – රනිල් සුදානමින්

colombotoday