Colombo Today Local News

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

ලබුගම සිට අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් හංවැල්ල නගරයේ දී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත.

මෙම පිපිරීමෙන් කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි වී ඇත.

කඩුවෙල, ජල්තර ,රණාල,ජයවීර ගොඩ,කළුඅග්ගල,කහටපිටිය,කරගල්ල,සීතාවක,ඊරියගො ල්ල,පැතුම්පුර,සහ තදාසන්න ප්‍රදේශ රැසක ජනතාව දෛනික පවිත්‍රතා සහ ජල පරිභෝජනය සඳහා ජලය නොමැති කමින් පීඩාවට පත්විය.හෝටල් ඇතුළු සෙසු ආයතන රැසක් මහත් පීඩාවට පත්ව ඇත.

මේ පිළිබදව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ එහි කේ.කේ.ජී.සෙහාරා නමැති ප්‍රකාශිනකාවක් කියා සිටින්නේ සඳුදා පෙරවරු 10 පමණ වන විට බිදී ගිය ජලනලය යථාතත්වයට පත් කිරීමට හැකි වෙතැයි ඉංජිනේරු අංශය ප්‍රකාශ කල බවයි.

Related posts

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

සන්ධානයේ “මහ ලේකම්” විශ්වා වර්ණපාල දිවියට සමුදෙයි

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

කිරි වෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

colombotoday

නීතිඥවරියගේ නිවසට ගල් ගසා නිරුවත පෙන්වු පුද්ගලයාට වුණ දේ

colombotoday