ජූනි 13 වන දා එනම් ලබන සඳුදා දිනය (පොසොන් පොහොය දිනට පෙර දිනය) රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ප්‍රවාහන ගැටලු සහ විදුලිය විසන්ධි කිරීම් ආදී ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ය.
කෙසේ වෙතත්, මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව ද එහි සඳහන් වේ.