Colombo Today Local News

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර

චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුනක අඩු ආදායම් ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර ලබාදීම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (9)දින සිදුකෙරිණි.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලය, කොටහේන සිංහල ප්‍රාථමික විද්‍යාලය සහ ග්‍රෑන්ඩ්පාස් අල්නසීරා විද්‍යාලය යන පාසල්වල දරුවන් වෙත මෙහිදී වියළි ආහාර පාර්සල් පිරිනැමිණි.

එහිදී චීන තානාපතිවරයා පාසල් සිසුවකු වෙත වියළි ආහාර පාර්සල් ලබාදීම සිදුකළ අතර, ඔහුගේ බිරිඳ සහ කොටහේන මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති මොහාන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මම හිතුවෙ වැඩි ඡන්ද දහදාහකින්වත් දිනයි කියලා – ජෝන්

colombotoday

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

colombotoday

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday