Colombo Today Local News

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් සෙන් ජෝන් ටිලර් දමිළ මහා විද්‍යාලයේ පන්ති කාමරයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමට විරෝධය පළකරමින් අද (06) දින එම පාසලේ ගුරුවරු ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

පසුගිය මැයි මස 26 වැනිදා රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් 11 වසර පන්ති කාමරයකට ඇතුළු වී ඒ තුළ මත්පැන් පානය කිරීමෙන් පසුව එම පන්ති කාමරයේ තිබූ අල්මාරියක් ගිනි තබා විනාශ කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ගින්නෙන් අල්මාරිය තුළ තිබූ ළමුන්ගේ වාර්තා පොත් විනාශ වී ඇති අතර පාසලේ ස්ථාන කිහිපයක ජනෙල් වීදුරු බිඳ දමා ඇති බවට ගුරුවරු චෝදනා කරති.

නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සිද්ධිය සැල වු වහාම විදුහලට පැමිණ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව එම පාසලේ විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කිරිමට පියවර ගෙන ඇත.

එම පාසලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්විම් කටයුතු සිදු කරන අතර ළමුන් 700 පමණ එම පාසලේ අධ්‍යාපනය ලබයි.

Related posts

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

මීගමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ජනතා විරෝධය

colombotoday

කදවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් තහනම්-සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

colombotoday

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday