World

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි.

කාර්මික විප්ලවයෙන් පසු පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම සියයට 50 කින් ඉහළ ගොස් ඇති බවත්, කාබන් ඩයොක්සයිඩ් මට්ටම වැඩිම අගයක් පෙන්නුම් කළේ පසුගිය ජූනි 3 වැනිදා බවත් ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උණුසුම ඉහළ දැමීමට ද බලපායි.

ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම මැනීම සිදු කරන්නේ හවායි හි මෝනා ලෝවා අක්‍රිය ගිනි කන්දේ පිහිටුවා ඇති කාලගුණ මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා දත්ත පාදක කර ගනිමිනි.

Related posts

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

කාන්තාවන්ට හිස් ආවරණය හා අබාය අවශ්‍ය නෑ – සෞදි රජුගෙන් තවත් ප්‍රගතිශීලී තීරණයක්

colombotoday

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday