විදුලි බිල වැඩිකිරීම පිළිබඳ යෝජනාව අද(06)දින කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බවයි එහි සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේය.